ගල් ගහනව වෙඩි තියනව වස්සො රැළ මරා ගන්නව
ලංකාවම දෙපිලට වී හරක් වාගෙ ඇණ ගන්නව
මඟුල් ගෙදර ගිය ලොක්කෝ එකට කන්න ඉඳ ගන්නව. .
එක ලොක්කෙක් දිනවන්නට අපි හැම ඇද ගෙන නාලා
අල්ලපු වත්තේ එකාට අල්ලාගෙන තඩි බාලා
ජන්දය අවසන ලොක්කෝ යන්නට යති හිනැහීලා
පෑදෙන කොට අපේ මොළේ අපි ඉල්ලා ගෙන කාලා