ලංකාවේ දැනට පවතින ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක පමණ බවත් මේ වන විට මෙරටදී නිෂ්පාදනය වන්නේ, මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක් පමණක් බවත් අමාත්‍යවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මෙම තත්ත්වය තුළ සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි, ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
ඒ අනුව මොනරාගල, අම්පාර, කිලිනොචිචිය, මුලතිව්, වව්නියාව යන ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
වැවිලි කර්මාන්තයේ නියුතු පිරිස් ඇගයීම සඳහා පළමුවරට සංවිධානය කරන සම්මාන උළෙලක් පිළිබඳව දැනුවත් කරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කළේය.