වසරක පමණ කාලයක සිට කොළඹ කොටස් වෙළඳපොළ පහළ වැටෙමින් ඇති තත්ත්වය හමුවේ තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි ආයෝජකයින් පවසයි.
කොළඹ කොටස් වෙළෙදපොළ සියලු කොටස් මිල දර්ශක අගය ගෙවුණු වසරක කාලය තුළ ඒකක 1300 කින් පමණ පහළ ගොස් තිබේ.
එය 17 % ක පහළ යාමක්.
ආයෝජකයින් පෙන්වා දෙන්නේ, වසරකට පෙර රුපියල් ලක්ෂයක් ආයෝජනය කර තිබූ අයකුට මේ වන විට රුපියල් 25000 ක් පමණ පාඩුවක් විදීමට සිදුව ඇති බව ය.
කොටස් වෙළඳපොළ හා තමන් පත්ව ඇති මම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා රජය යම් වැඩ පිළිවෙළක් දියත් කළ යුතු බව ආයෝජකයින් ගේ අදහසයි.