පොලී අනුපාත පහළ යමින් තිබෙන බව යළි යළිත් පෙන්නුම් කරමින් මේ සතියේදීත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ ගිය අතර මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 23 කින් පහළ ගොස් සියයට 10.58 ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මාස තුනේ බිල්පත් පොලී අනුපාතය පදනම් අංක 13 කින් පහළ ගොස් සියයට 9.75 ක් වෙද්දී අවුරුද්දේ බිල්පත් පොලී අනුපාතය පදනම් අංක 09 කින් පහළ ගොස් සියයට 11.26 ක් විය.
මේ සතියේ වෙන්දේසියට රුපියල් බිලියන 24 ක් වටිනා කල් පිරෙන බිල්පත් යොමුකර තිබූ අතර රුපියල් බිලියන 34.6 ක ලංසු පිළිගෙන තිබේ.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රුපියල් බිලියන 01 ක් වටිනා මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 3.7 ක් වටිනා මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 29.8 ක් වටිනා මාස 12 බිල්පත්ද විකුණු බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1372459640